පොලිස් ලොකු පුටු කිහිපයක මාරුවක් - DIG අජිත් රෝහණත් ඒ අතර (Video)
Saturday, 28 May 2022 - 7:28 | Views - 796
මහජන ආරක්ෂක අමාත්‍යාංශ විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු හට ස්ථාන මාරු ලබා දී තිබෙනවා.
ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අජිත් රෝහණ අපරාධ සහ රථවාහන දිසාවේ සිට දකුණු පළාතට ද , ආර්.එස්. දමින්ද දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට ද, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.කේ. සිල්වා නැගෙනහිර සිට අපරාධ සහ රථවාහන දිසාවටත් මාරු කර ඇති බවටයි සදහන් වන්නේ.
අදාළ ස්ථාන මාරුවීම් අවශ්‍යතාවය මත ලබා දීම සිදුකර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article