රූප පෙට්ටියේ නිරෝෂන් - අවසන් තීරණයක
Friday, 27 May 2022 - 18:20 | Views - 1,436
රජයේ සියලු මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් දැනුම්දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන ඇතුලු මෙම ආයතන ද්විත්වයේම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් දන්වා යවා තිබෙනවා.

කෙසේවෙතත් මෙම තීරණයෙන් කුපිත වූ ගුවන්විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ පවසා ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසූ පළියට සභාපති පුටුවෙන් බැස යාමට තමන් සූදානම් නොමැති බවයි.

ඔහු අද පෙරුවරුවේ ගුවන්විදුලි සංස්ථා සේවකයින් කැඳවමින් ඔවුන්ට ද මේබව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සිය ස්ථාවරයේම සිටින බව වාර්තා වන අතර ඒ වෙනුවෙන් නව පත් කිරීම් සිදු කිරීමටත් සැරසෙන බවට තතු දත් ආරංචි මාර්ග පවසනවා.

මේ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙසට කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න එම තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර ඒ පිළිබඳව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදා තිබුණා.

එහි සඳහන් වූයේ ඉතිං ආයුබෝවන් ITN යනුවෙන්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top