රජයේ සියලු මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් දැනුම්දී තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන ඇතුලු මෙම ආයතන ද්විත්වයේම අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් දන්වා යවා තිබෙනවා.
කෙසේවෙතත් මෙම තීරණයෙන් කුපිත වූ ගුවන්විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ පවසා ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසූ පළියට සභාපති පුටුවෙන් බැස යාමට තමන් සූදානම් නොමැති බවයි.
ඔහු අද පෙරුවරුවේ ගුවන්විදුලි සංස්ථා සේවකයින් කැඳවමින් ඔවුන්ට ද මේබව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් නව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සිය ස්ථාවරයේම සිටින බව වාර්තා වන අතර ඒ වෙනුවෙන් නව පත් කිරීම් සිදු කිරීමටත් සැරසෙන බවට තතු දත් ආරංචි මාර්ග පවසනවා.
මේ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙසට කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න එම තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර ඒ පිළිබඳව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදා තිබුණා.
එහි සඳහන් වූයේ ඉතිං ආයුබෝවන් ITN යනුවෙන්.