ශෂීට ඇප කල් යයි
Friday, 27 May 2022 - 15:04 | Views - 664
සිරදඩුවම් නියම වූ ශෂී වීරවංශ විසින් ගොනුකළ අභියාචනය මත සිදුකෙරෙන ඇප ඉල්ලීම සලකා බැලීම කොළඹ මහාධිකරණය විසින් ලබන 30 වන සඳුදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ අද පස්වරුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් ඇයට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කෙරුණා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් විසින් අභියාචන‍යක් අධිකරණයට බාර දීමට ද කටයුතු කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top