සිරදඩුවම් නියම වූ ශෂී වීරවංශ විසින් ගොනුකළ අභියාචනය මත සිදුකෙරෙන ඇප ඉල්ලීම සලකා බැලීම කොළඹ මහාධිකරණය විසින් ලබන 30 වන සඳුදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ අද පස්වරුවේ කැඳවූ අවස්ථාවේදීයි.
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් ඇයට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කෙරුණා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් විසින් අභියාචනයක් අධිකරණයට බාර දීමට ද කටයුතු කළා.