ක්‍රිකට් වාර්තා පොත අලුත් කරමින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Friday, 27 May 2022 - 13:49 | Views - 337
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේ මිපූර්හි දී පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයග්‍රහණයක් අත් වුණා.

එම ජයග්‍රහණය ක්‍රිකට් වාර්තා පොත් අතරට එකතු වන්නේ ඕනෑ ම කණ්ඩායමක් සිය ජයග්‍රහණය සඳහා සිව්වැනි ඉනිමේ දී ලබා ගැනීමට තිබූ දෙවන අඩු ම ලකුණු සංඛ්‍යාව වශයෙන්.

මෙම අඩුම සිව් වැනි ඉනිමේ ජයග්‍රහණ ලැයිස්තුවේ පෙරමුණේ සිටින්නේ නවසීලන්තයයි.

ඔවුන් 1954 වර්ෂයේ දී එංගලන්තයට එරෙහිව තරගයක් ජය ගැනීම සඳහා සිව් වැනි ඉනිමේ ලකුණු 26ක් රැස් කරගෙන තිබුණා.

විශේෂත්වය වන්නේ එම ලකුණු 26 ලබා ගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට පන්දු ඕවර 27කට මුහුණ දීමට සිදු වීමයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) ජයග්‍රහණය සඳහා හඹා ගිය ලකුණු 28 සටහන් වන අතර එම ඉලක්කය පන්දු ඕවර 3ක දී සපුරා ගැනීමට හැකි වීමත් නව ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් වනවා.

ඒ සිව් වැනි ඉනිමේ ජයග්‍රහණය සඳහා වන ඉලක්කය අඩුම ඕවර සංඛ්‍යාවකින් සපුරා ගැනීමේ නව වාර්තාවයි.

මෙම අඩු ම ලකුණු ලැයිස්තුවේ 3,4,5,6 වැනි ස්ථාන පිළිවෙලින් දකුණු අප්‍රිකාව සතුව තිබීමත් විශේෂත්වයක්.

1896 දී එංගලන්තයට එරෙහි තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන් ලකුණු 30ක ඉලක්කයක් හඹා ගිය අතර ඉන් පසු අවස්ථා තුනක දී ඔවුන් සිව් වැනි ඉනිමේ ලකුණු 30,35,36 ඉලක්ක සපුරාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර ජයග්‍රහණය සඳහා සිව් වැනි ඉනිමක දී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වන්නේ 1994 වර්ෂයේ දී යි.

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පාකිස්ථානයට එරෙහිව පැවති ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන් ලකුණු 71ක් රැස් කර තිබුණා.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර පැවති ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ ජයග්‍රහණයත් තරග 1ට 0ක් ලෙස ජයග්‍රහණය කළා.

මේ ජයග්‍රහණයත් සමග ටෙස්ට් තරග ලෝක ශූරතාවයේ වර්ගීකරණ ලැයිස්තුවේ තුන්වන ස්ථානය දක්වා ඉහළට එන්නට සමත් වුණා.

ඒ තරග 6කට සහභාගි වී තරග 3ක් ජය ගෙන තරග 2ක් පරාජය වී එක් තරගයක් ජය පරාජයකින් තොරව නිමා කර ගැනීමට හැකි වී තිබෙනවා.

තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා ලෙස බංග්ලාදේශ කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක ලිටන් දාස් තෝරා ගත් අතර දෙවැනි තරගයේ වීරයා ලෙස තෝරා ගැනුණේ අසිත ප්‍රනාන්දු යි.

තරගාවලියේ වීරයා සම්මානය, තරග දෙකේ දී ම ශතක වාර්තා කර ගත් ඇන්ජලෝ මැතිව්ස් සතු වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top