එළවලු මිලත් ඉහළට (Video)
Friday, 27 May 2022 - 13:30 | Views - 6,371
වෙළඳපලේ එළවලු මිල ගණන් මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
සාමාන්‍යයෙන් වසරේ අනෙකුත් මාසවලට සාපේක්ෂව මැයි, ජුනි සහ ජූලි මාසවල එළවළු මිල ඉහළ යන නමුත් මෙවර මිලෙහි කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ.
පොහොර සහ කෘමිනාශක හිඟය හේතුවෙන් අඛන්ඩව නිෂ්පාදනය අඩුවීම මෙන්ම ඉන්ධන මිල ඉහළ යාම නිසා ප්‍රවාහන වියදම් වැඩිවීම මෙලෙස එළවළු මිල ඉහළ යාමට හේතුවයි.
ඒ අනුව, උඩරට එළවළු වර්ග වන බෝංචි කිලෝවක් 700ත් 760ත් බීට් රූට් කිලෝවක් 400ත් 460ත් තක්කාලි කිලෝවක් 700ත් 800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වම්බටු, මෑකරල්, අමුමිරිස් ඇතුළු පහත රට එළවළු රැසක ද සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
පහතරට සෑම එළවළුවක්ම කිලෝව රුපියල් 300 ත් 450 ත් අතර මිලකට අලෙවි වන අතර, කොස් මදුලු කිලෝවක් රුපියල් 150ක මිලකටත්, මඤ්ඤොක්කා කිලෝවක් රුපියල් 120කටත් අලෙවි වන බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
Share This Article