ඖෂධ හිඟය මැද මාරාන්තික ජලභීතිකාවෙන් බේරෙන්න - උපදෙස් මෙන්න
Friday, 27 May 2022 - 10:42 | Views - 4,027

දැනට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධවලද දැඩි හිඟතාවක් ඇති බවට මේ වනවිට සියලුම දෙනා දැනුම්වත්ව ඇති  බව  දනිමු. මෙවන්  අභියෝගාත්මක අවස්ථාවක වළක්වාගත හැකි සෞඛ්‍ය ගැටලු හැකි උපරිමයෙන් දුරු කර ගැනීමද කාලය අනුව යෝචිත උපක්‍රමයකි. 

ඒ අනුව මේ මොහොතේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වී තිබෙන ජලභීතිකා රෝග අවදානම අවම කරගැනීමට අපට ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගයක් ගැන අපි අද කතා කරමු.

ජලභීතිකාව වැළඳෙන්නේ , රේබීස්  නම් වයිරසය ආසාදිත බල්ලන්, බළලුන්, ලේනුන්, වඳුරන් සහ වවුලන් වැනි ක්ෂීරපායී සතුන් විසින් පුද්ගලයන්ව සපා කෑමෙනි. එලෙස ශරීරයට ඇතුළු වූ වයිරසය රෝගියාට ලබාදෙන එන්නත් මාත්‍රා මාලාවක් මගින් අඩපණ කිරීම සිදු නොවන අවස්ථාවක තව තවත් ගුණනය වෙමින් මොළය හා සුසුම්නාව වෙත ගමන් ගනී. මෙහිදී  ස්නායු පද්ධතිය අඩපණ කර දැමේ. රෝග ලක්ෂණ ඇති වීමට දින පහත් අවුරුදු දෙකත් අතර කාලයක් ගත වීමට හැකියි. රෝග ලක්ෂණ ඇතිවී  දින කිහිපයක් ඇතුළත රෝගියා මරණයට පත්වීම මෙහි ඇති භයානක මෙන්ම සෝචනීය තත්ත්වයයි. 

මාරාන්තික ජලභීතිකා රෝගය පැතිරීම වළක්වාගැනීමට මේ මොහොතේ ඔබේ නිවසේ  සුරතලා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සුරතල් සතුන් සඳහා ලබා දෙන ජලභීතිකා වළක්වන එන්නත් තවමත් පශු වෛද්‍ය  සේවාවන් හරහා ලබාගත හැකි නිසා හැකිතාක් ඉක්මනින් ඒ සඳහා යොමු වීම වැදගත්ය. 

නිවසේ සිටින සූරතල් සතුන්ට මූලික ජලභීතිකා එන්නතට පසුව වාර්ෂිකව ලබා දිය යුතු බූස්ටර් ජලභීතිකා මර්ධන එන්නත් මාත්‍රාද  නිසි කලට ලැබී ඇති බවට වගබලාගත යුතු වේ.

 සුරතල් සතුන්ගේ ජලභීතිකාවට එරෙහි ප්‍රතිශක්තිය යාවත්කාලීන කරන අතරතුරේම සතුන් දඩාවතේ යෑම වළක්වාගැනීමත් කළ යුතු අනෙක් කරුණයි.

 ජලභීතිකාව බෝ වීමට හැකි එකී  අවදානම සහිත සතුන්ගේ සපාකෑම් වළක්වා ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීම ඉතාම  වැදගත්වේ. 

වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවනුත් මේ මොහොතේදී  ආරක්ෂා කර ගැනීම පුරවැසි යුතුකමද වේ.

මේ දුෂ්කර අවස්ථාවේ, අප සියලු දෙනා එකාවන්ව ඉහත කී නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ පුරවැසි යුතුකම ඉටු කළ යුත්තෙමු. එවිට ඔබේත් ඔබේ පවුලේ සමීපතමයන්ගේත් මෙන්ම ඔබේ අසල්වැසියන්ගේත් ජීවිත, ජලභීතිකාවෙන් එල්ලවිය හැකි මාරාන්තික තත්ත්වයෙන් ගලවාගැනීමට හැකි වනු ඇති.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් විස්තර ඇසුරෙනි.)

-සටහන- මාධවී ධර්මරත්න
  උපුටා ගැනීම - ලංකාදීප  

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top