අප සතු ඉන්ධන සංචිතය මෙන්න
Friday, 27 May 2022 - 10:28 | Views - 2,625
අද (27) උදෑසන 8.30 වන විට මෙරට සතු වන ඉන්ධන සංචිත ප්‍රමාණය දක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 20 598ක්, සුපිරි ඩීසල් - 1 778ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 42,750ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,579ක් සහ ජෙට් ඒ.1 වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 3 104ක් මෙරට සතු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.එමෙන් ම බොර තෙල් නෞකාවකින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත තෙල් ගොඩ බෑමේ කටයුතු සිදු වෙමින් පවතින බව ද එම පණිවුඩයේ සඳහන්.සපුගස්කන්ද තෙල් පිරිපහදුව මාස දෙකක පමණ කාලයකට පසු අද (27) සිට නැවත ක්‍රියාත්මක වීමට නියමිතයි.සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු නවතා දැමුණේ පසුගිය මාර්තු 20වැනි දා යි.අමාත්‍යවරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය

Share This Article