අප සතු ඉන්ධන සංචිතය මෙන්න
Friday, 27 May 2022 - 10:28 | Views - 2,626
අද (27) උදෑසන 8.30 වන විට මෙරට සතු වන ඉන්ධන සංචිත ප්‍රමාණය දක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 20 598ක්, සුපිරි ඩීසල් - 1 778ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 42,750ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,579ක් සහ ජෙට් ඒ.1 වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 3 104ක් මෙරට සතු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

එමෙන් ම බොර තෙල් නෞකාවකින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙත තෙල් ගොඩ බෑමේ කටයුතු සිදු වෙමින් පවතින බව ද එම පණිවුඩයේ සඳහන්.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මාස දෙකක පමණ කාලයකට පසු අද (27) සිට නැවත ක්‍රියාත්මක වීමට නියමිතයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු නවතා දැමුණේ පසුගිය මාර්තු 20වැනි දා යි.

අමාත්‍යවරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top