මෝටර් රථ ලියාපදිංචිය පහළට
Friday, 27 May 2022 - 8:46 | Views - 5,726
මෝටර් රථ ලියාපදිංචිය මේ වනවිට විශාල වශයෙන් පහත වැටී ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුමිත් අලහකෝන් සඳහන් කළේ, මෝටර් රථ ආනයනය නැවතීම හේතුවෙන් නව ලියාපදිංචිය බොහෝ කාලයක මුළුල්ලේ අඩු වෙමින් පැවති බවයි.
කෙසේ වෙතත්, මෙරට තුළ එකලස් කරන සහ පැරණි වාහන පමණක් තවමත් ලියාපදිංචි කිරීම් සිදුවනවා.
ගෙවී ගිය මාස දෙකක කාලයක සිට කල් බදු ක්රමයට වාහන පැවරීමේ දී මෝටර් රථ දෙපාර්තමේන්තුවට හිමිවන ආදායමද ශීඝ්ර ලෙස අඩු වන බවයි අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
Share This Article