කොළඹ - වාහන තදබදය ගැන වාර්තාවක්
Friday, 27 May 2022 - 8:24 | Views - 713
කොළඹ නගරයේ වාහන තදබදය හේතුවෙන් දෛනික ව රුපියල් මිලියන 400ත් 500ත් අතර මුදලක් රටට අහිමිවන බව අනාවරණය වී තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන සහ සැපයුම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ ඒ බව පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, මාර්ග තදබදය හේතුවෙන් සිදු වන ඉන්ධන දහනය සහ වැඩකරන ජනතාවගේ ශ්‍රමය මාර්ගවල සිරවීම රටක් වශයෙන් දරාගැනීමට නො හැකි ආර්ථික හානියක් බව යි.

මෙම වාහන කොළඹ නගරයට ඇතුළුවන්නේ පාර්ලිමේන්තු පාර, නුවර පාර, ගාලු පාර, හයිලෙවල් පාර, කොටා පාර, හොරණ පාර, දෙමටගොඩ - වැල්ලම්පිටිය පාර, නාවල - නාරාහේන්පිට පාර, ඔරුගොඩවත්ත - අඹතලේ පාර, කිරිමණ්ඩල මාවත, හේකිත්ත - මට්ටක්කුලිය පාර, ලෝ ලෙවල් මාර්ගය, මැරීන් ඩ්‍රයිව්, කොළඹගේ පාර සහ බලපොකුණ මාර්ග ඔස්සේ යි.

ඉන් වැඩි ම වාහන සංඛ්‍යාවක් ගාලු පාර, නුවර පාර, මීගමු පාර සහ හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළු වනවා.

මේ මාර්ග ඔස්සේ දෛනික ව යතුරුපැදි ඇතුළු වාහන ලක්ෂ 9කට ආසන්න සංඛ්‍යාවක් කොළඹට පිවිසෙන බව ද අනාවරණය වී තිබෙනවා.

ඒ, කාර් සහ ජීප් රථ 314,231ක්, ත්‍රීරෝද රථ 240,756ක්, යතුරුපැදි 211,320ක් සහ වෑන් රථ 28,989ක් වශයෙන්.

කොළඹ නගරයට දෛනික ව ඇතුළු වන බස් රථ සංඛ්‍යාව 26,634ක්.

මේ තරම් විශාල වාහන සංඛ්‍යාවක් දෛනික ව කොළඹ නගරයට ඇතුළු වූවත් ජනතාව පැමිණෙන්නේ ලක්ෂ 19කට ආසන්න සංඛ්‍යාවක් බවද හෙළි වී තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් දෙදෙනකු වෙනුවෙන් එක් වාහනයක් කොළඹට ඇතුළු වීම මාර්ග තදබදයට ප්‍රධාන හේතුවක් බව මනාව පැහැදිලි වන කරුණක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top