ගාල්ල - බද්දේගම ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8 සිට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොල, ඇල්පිටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම, හික්කඩුව ප්‍රදේශයට ද අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.