කෙටි කෑම මිලත් නැවතත් ඉහළට
Thursday, 26 May 2022 - 15:11 | Views - 8,235
ඉන්ධන මිල ඉහළ යාම සහ ගෑස් අර්බුදය හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න නගරවල සියළුම ආපනශාලාවල කෙටි කෑම වර්ගවල මිල ගණන් යළිත් වරක් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.

බිත්තර රොටී, පරාටා, රෝල්ස්, එළවළු රොටී, ආප්ප, මාළු පාන් සහ අනෙකුත් කෙටි කෑම මෙලෙස ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කෙටි ආහාරවලට අමතරව ප්ලේන්ටියක සහ කිරි තේ කෝප්පයක මිල ද ඉහළ ගොස් තිබෙනවා.

බිත්තර රොටියක සහ තෝසයක මිල රුපියල් 100 දක්වාත් පරාටයක් රුපියල් 50 දක්වාත් ඉහළ ගොස් ඇති බවටයි ආපනශාලා හිමියන් ප්‍රකාශ කළේ.

බත් පැකට්ටුවක මිල ඉහළ යාමත් සමග පාරිභෝගික ජනතාව උදෑසන ආහාර වේල සඳහා කෙටි කෑම පරිභෝජනයට ගැනීමට පුරුදු වී සිටියා.

කෙසේ වෙතත්, බිත්තර රොටියක් ව්‍යංජනයක් සමග රුපියල් 150 දක්වාත් පරාටා 3ක් ව්‍යාංජනයක් සමග රුපියල් 200 දක්වාත් ඉහළ ගොස් ඇත්තේ ගෑස් නො මැති වීම සහ මිල ඉහළ යාම හේතුවෙන්.

මීට අමතරව පාන් භාගයක් සහ ව්‍යංජනයක මිල ද රුපියල් 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, රෝල්ස්, එළවළු රොටි, බිත්තර පාන් සහ සීනි සම්බල් ආදී කෙටි කෑමවල මිල ද රුපියල් 100 දක්වා ඉහළ දැමීමටයි ආපනශාලා හිමියන් කටයුතු කර ඇත්තේ.

බිත්තර ආප්පයක මිල රුපියල් 100 දක්වාත්, ආප්පයක මිල රුපියල් 50 දක්වාත් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

කෙටි කෑමවලට අමතරව ප්ලේන්ටියක මිල රුපියල් 50 දක්වාත්, කිරි කෝප්පයක මිල ද රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජාතික ස්වයං රැකියා වෙළද සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් සඳහන් කළේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ගෑස් අර්බුදය ඇතුළු තවත් ගැටලු හේතුවෙන් ආපනශාලා සියයට 65කට වැඩි සංඛ්‍යාවක් වසා දමා ඇති බවයි.

එමෙන්ම, බිස්කට් වර්ග, යෝගට් වැනි ජනතාව එදිනෙදා පරිභෝජනය කරන ආහාර රැසක ද මිල ඉහළ ගොස් තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top