යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජුනි පළවනදා සිට නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගනී
Thursday, 26 May 2022 - 14:09 | Views - 874
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස ලබන ජුනි මස පළවනදා වැඩ භාරගැනීමට නියමිත බව යුද හමුදාව ප්‍රකාශ කළා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේ වනවිට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි කටයුතු කරන්නේ.

එසේම, මේජර් ජනරාල් විකුම් ලියනගේ ජුනි මස පළමුවනදා සිට නව යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව ද යුද හමුදා වෙබ් අඩවිය වාර්තා කළා.

නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත, මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේ වනවිට රාජකාරි කටයුතු සිදු කරනු ලබනවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබන 31 වන දින යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමටයි නියමිතව ඇත්තේ.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top