වඳුරු උණ ආසාදිත රෝගීන් 219 දෙනෙකු මේ වන විට ලොව පුරා හඳුනාගෙන ඇති බව යුරෝපා සංගමයේ සෞඛ්‍ය අංශය අනාවරණ කරගෙන තිබෙනවා.
බි්රතාන්යයෙන් 71 දෙනෙකු, ස්පාඤ්ඤයෙන් 51 දෙනෙකු සහ පෘතුගාලයෙන් 37 දෙනෙකු මෙලෙස හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
අප්‍රිකානු මහද්වීපයෙන් වැඩි වශයෙන් වඳුරු උණ රෝගීන් වාර්තා වී තිබෙන අතර මෙම උණ රෝගී තත්ත්වය ආසාදනය වූවන්ට දැඩි බලපෑමක් සිදු නො වන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන තිබෙනවා.