පෝලිමේ රැදෙන්න එපා - අදත් ගෑස් නෑ
Thursday, 26 May 2022 - 8:59 | Views - 442

ගෑස් මෙටි්රක් ටොන් 3,500ක් රැගත් නෞකාවක් අද මෙරටට ළඟා වීමට නියමිත යි.
ලිට්රෝ සමාගම සඳහන් කළේ, මෙම තොගය ද සමඟ ගෑස් මෙටි්රක් ටොන් 7,500ක් ලබා ගැනීම සඳහා මේ වන විට මුදල් ගෙවා ඇති බව යි.
එලෙස ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 6.5ක්.
ලිට්රෝ සමාගම සඳහන් කළේ, අද පැමිණීමට නියමිත ගෑස් නෞකාවේ ගොඩබෑම් සිදු වන තෙක් ගෑස් බෙදාහැරීම් සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.
ඒ හේතුවෙන් අද දිනයේත් පෝලිම්වල රැඳී නො සිටින ලෙස එම සමාගම ජනතාවට දැනුම් දෙනවා.
කෙසේ වෙතත් ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථානවල ඊයේ දිනයේත් පෝලිම් පැවතියා.
එමෙන්ම ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් ඉදිරිපිට දිවා රෑ පුරා අඛණ්ඩ ව පෝලිම් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ දිවයින පුරා පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු වන බවයි.
මේ අතර, ඉදිරියේ දී විදුලි බිල වැඩිවීමක් සිදු වුව හොත් මහජන විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම, ඖෂධ මෙටි්රක් ටොන් 25ක් රැගත් නෞකාවක් අද මෙරටට ළඟා වීමට නියමිත යි.
එමෙන්ම දැනට මෙරටට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ ඇතුලු සෙසු ඖෂධ වර්ග වල ලේඛනයක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.
අග්‍රාමාත්‍යවරයා එහි දී කියා සිටියේ, මෙරට තුළ ඩොලර් නොමැති වීම හේතුවෙන් ඖෂධ සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් මුදල් ලබා ගැනීමට ඉන්දීය රජය මේ වන විට එකඟතාව පළ කර ඇති බවයි.
Share This Article