බැංකු ශක්තිමත් කිරීමට නව නියාමනයක්
Thursday, 26 May 2022 - 8:22 | Views - 822
පවත්නා ආර්ථික තත්ත්වය මගින් බැංකු ක්ෂේත්‍රයට ඇති කරන බලපෑම සැලකිල්ලට ගෙන බැංකුවලට සහය වීම සඳහා මහ බැංකුව නියාමන ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව බැංකු ක්ෂේත්‍රයේ සවිමත්භාවය පවත්වා ගනිමින් ආර්ථිකය වෙත ණය ප්‍රවාහ සැපයීමට සහ ඵලදායී මූල්‍ය අතරමැදිකරණය සඳහා පහසුකම් සැලසීමට එමඟින් බැංකු අංශය වෙත සහය හිමිවනු ඇති.

බලපත්‍රලාභී බැංකු විසින් පවත්වාගෙන යන 2.5%ක ප්‍රාග්ධන සංරක්ෂක භාවිතයට ගැනීමට අවස්ථාව සැලසෙන අතර ඊට අදාළව අනිවාර්යයෙන්ම වර්ධක සැලැස්මක් ඉදිරිපත් කළ යුතුයි.

ඉහළ දමන ලද අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ලබාදී තිබූ කාලයද වසරකින් දීර්ඝ කළ බව මහ බැංකුව ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවන් සඳහා වෙනත් විස්තීරණ ආදායම් යොදා ගැනීමේදී බලපත්‍රලාභී බැංකු වෙත මෙහිදී නම්‍යශීලිත්වයක් ලබා දී තිබෙනවා.

එසේම, පවතින තත්ත්වය යටතේ ද්‍රවශීලතාව සහ ප්‍රාග්ධන තත්ත්වයන් ශක්තිමත් කිරීමේ අරමුණින් මේ වසරේ මූල්‍ය ප්‍රකාශන බැංකුවේ බාහිර විගණකවරුන් විසින් ගණනය කරන තෙක් මුදල් ලාභාංශ ගෙවීම සහ ලාභ මව්රට වෙත යැවීම සීමා කෙරෙනු ඇති.

දෙසැම්බර් 31 වැනි දා දක්වා සිය කොටස් ආපසු මිලට ගැනීම, කළමනාකරණ දීමනා වැඩි කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ගෙවීම් ආදිය සීමා කිරීමටත් ශ්‍රී ලංකා මහබැංකුව මේ වනවිටත් තීරණය කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top