දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහාර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මෙලෙස වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, වැසි ඇති වන අවස්ථාවලදී තද සුළං සහ අකුණු තත්ත්වයන් ඇති විය හැකි බවත් ඒ පිළිබදව ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.