රාජ්‍ය සේවකයින් කැඳවීම අද සිට සීමා වෙයි
Thursday, 26 May 2022 - 8:00 | Views - 953
අද සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කර තිබෙනවා.

ඒ ඉන්ධන අර්බුදය හමුවේ වියදම් අවම කර ගැනීමේ අරමුණින්.

ඒ අනුව රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි අත්‍යාවශ්‍යම සේවකයින් පමණක් සේවයට කැඳවන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ නිකුත් කළා.

ඒ අනුව ජනතාවට ඉටුවන කාර්යයන්ට බාධාවක් නොවන පරිදි රජයේ නිලධාරීන් සේවයට කැඳවීමේ බලය අමාත්‍යංශ හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවනවා.

මේ අතර, රාජ්‍ය ආයතනවල වියදම් අවම කර ගැනීමට කටයුතු කළ යුතු බව විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර වෛද්‍යවරුන් සහ සෙසු සෞඛ්‍ය සේවකයන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්ගේ මෙම මාසයට අදාළ අතිකාල ඇතුලු විවිධ දීමනා කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරනවා.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ එම දීමනා කප්පාදුව වහා අත්හිටුවීමට රජය පියවර ගත යුතු බවයි.

අතිකාල දීමනා කප්පාදු කිරීමට එරෙහිව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ඊයේ අධ්‍යක්ෂ කාර්යාලය වැටලීමත් සමග උණුසුම් තත්වයක් ඇති වුණා.

අනතුරුව අධ්‍යක්ෂවරයා, සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම්වරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නැහැ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනත් නිලධාරිනියක සම්බන්ධ කර ගැනීමට අධ්‍යක්ෂවරයාට හැකි වුණා.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග කාර්ය මණ්ඩල සඳහා ලබා දෙන දීමනා වහා ඉහළ නැංවිය යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ පවතින ජීවන වියදම ඉහළ යාම හමුවේ දැනට ලබා දීමට නිර්දේශ කර ඇති දීමනා ප්‍රමාණවත් නොවන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top