රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු අද දිවුරුම් දෙයි ?
Thursday, 26 May 2022 - 7:30 | Views - 681
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වනවා.

එම ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස් වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ස්වාධීන වූ කණ්ඩායමෙන් ද මන්ත්‍රීවරුන් එක් වීමට නියමිත බව වාර්තා වනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වෙනම විෂයන්, විෂය පථයන් ගැසට් කිරීමත් ඒ සඳහා වෙනම ලේකම්වරුන් පත් කිරීමටත් නියමිත ව ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

පසුගියදා තවත් කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

ඒ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ යනවා. 

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

කෙසේ වෙතත්, මීට පෙර අග්‍රාමාත්‍යවරයා කිසිදු අවස්ථාවක මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කර නැහැ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top