චීනයේ ෂැන්හයි නගරයේ පනවා ඇති දැඩි කොවිඩ් නීති හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදනයට බලපෑම් එල්ල වී තිබෙනවා.
ෂැන්හයි නගරයේ කර්මාන්ත ශාලා රැසක් ක්‍රියාත්මක නො වන අතර, ඒ හේතුවෙන් සෙමි කන්ඩක්ටර් හිඟයක් ඇති වී ඇති බව යි සඳහන් වන්නේ.
ජපානයේ ටොයෝටා සමාගමට ද ඉන් බලපෑම් ඇති වී ඇති අතර, එම සමාගම නිවේදනය කළේ, ජූනි මාසයේ දී මෝටර් රථ සංඛ්‍යාව 100,000කින් පමණ අඩු කිරීමට තීරණය කළ බව යි.
ඒ අනුව ජූනි මාසයේ දී මෝටර් රථ නිෂ්පාදනය 850,000ක් දක්වා අඩු කිරීමට තීරණය කළ බව එම සමාගම පවසනවා.
නමුත් 2023 වසරේ මාර්තු වන විට එම සමාගමේ මෝටර් රථ නිෂ්පාදන සැලැස්මට ඉන් බලපෑමක් ඇති නො වන බව යි වාර්තා වන්නේ.