තෙල් හිඟයට විසඳුම් සෙවූ බිරිඳට - හිඟයෙන් මිදෙන්නම ලැබුණු විසඳුම
Tuesday, 24 May 2022 - 13:58 | Views - 1,006
සැමියාගේ යතුරු පැදියට පෙට්‍රල් ලබාගැනීමට දිනපතා ‍ඉන්ධන පෝලිමට ගිය රූමත් බිරිය පිරවුම් හල් සේවකයෙකු සමග පැනගිය කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

සැමියා දිනපතා සේවයට යන අතර බිරිය නිවසේ කටයුතු කරමින් සිටියාය. මොවුහු දෙදෙනා ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඇති කරගත් සම්බන්ධතාවකින් පසුව දැනට වසර දෙකකට පමණ පෙර විවාහ වූහ.

සැමියා තැන්පත් පුද්ගලයෙකු විය. කඩවසම් පෙනුමක් ඇති කාන්තාව දැඩි කෙළිලොල් බවකින් යුතු තැනැත්තියක් වූවාය. දෙදෙනා යතුරු පැදියෙන් ගමන් කරන අවස්ථාවේදි කාන්තාව විසින් යතුරු පැදිය පදවන අතර සැමියා පසුපසින් ඉදගෙන යයි. 

සැමියා රැකියාවට යන එන අවස්ථාවලදි නගරයේ බස් නැවතුමට යාම ඇගේ දෛනික රාජකාරියක්ද විය.

ඉන්ධන හිඟයක් ඇතිවීම නිසා යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටීමට බිරියට සිදුවිය. යතුරුපැදියට තෙල් ලබා ගැනීමේ දී පොම්පක්‍රියාකරුට කුමක් හෝ පවසමින් ඔහුගේ අවධානය දිනාගැනීමට ඇය සමත්වූවාය. පොම්පකරුගේ දුරකතන අංක හුවමාරු කරගත් දෙදෙනා කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් අනියම් පෙමකට යොමු වූයේ නොදැනුවත්ව ම ය.

සුපුරුදු පරිදි සැමියා බස් නැවතුමට රැගෙන  පැමිණි ඇය සිය අනියම් පෙම්වතා සමග වෙනත් කූඩුවක් තැනීමට නික්ම ගියාය. සවස ගෙදර එන වෙලාවට බස් නැවතුමට පැමිණ සිටින බිරිය නොදුටු සැමියා පුදුමයට පත්විය. ඇමතුමක් ලබාගත්තද දුරකතනය විසන්ධි කර තිබුණි. 

දස අතේ කල්පනා කරමින් ත්‍රිරෝද රථයකින් නිවසට යන විට නිවසේ දොර වසා තිබූණි. නැවත ඇමතුමක් ගැනීමට උත්සාහ ගන්නා විට බිරියගෙන් කෙටි පණිවිඩයක් ලැබුණු අතර ‘මම ෂෙඩ් එකේ අයියා සමග යනවා, මම ගැන සොයන්න එපා. ඔයා සතුටින් ඉන්න.’ යනුවෙන් සඳහන්ව තිබුණි.

දස අතේ කල්පනා කළ සැමියා නීතිය ඉදිරියට ගියේය. බිරිද හා අනියම් සැමියාද කැඳවූ නිලධාරින් දෙදෙනා එකතු කරන්නට කොතෙකුත් උත්සාහ දැරුවද එය නිෂ්ඵල විය. 
 
‘මම මෙයා සමග හරිම සතුටින් ඉන්නවා’ යැයි පවසමින් පොම්පකරුගේ යතුරුපැදියේ නැගී පිටව යන බිරිඳ දෙස බලමින් සුසුම් හෙළු සැමියා කඳුළු පිරි දෙනෙතින් යුතුව පොලිසියෙන් පිටව ගියේය.

යසන්ත ආරියසේන

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top