ගංවතුර මැද්දේ විභාගය ලියූ දරුවන් - විරුවන්ගේ දෑත් මතින් විභාග ශාලාවට (Video & Photos)
Tuesday, 24 May 2022 - 12:44 | Views - 639
අධික වර්ෂාවත් සමග නිසි කළමනාකරණයකින් සහ සැලැස්මක් රහිතව ඉදිකළ මෙරට ප්‍රධාන පෙළේ ස්ථාන ජලයෙන් යටවන අයුරු දැක්වෙන ප්‍රවෘත්ති අප වෙත නොයෙක් අවස්ථාවල දී වාර්තා වනවා.

එලෙස ගංවතුරට යට වූ තවත් එවැනිම ස්ථානයක් හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

ඊයේ (23) දිනයේ දී ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලය ද ගංවතුරෙන් යට වී තිබෙනවා.

පාලකයින්ගේ නොසැලකිලිමත්බව සහ, එකී විෂයය ක්ෂේත්‍රයන්ට වගකිව යුතු අමාත්‍යවරුන්ගේ ද අවධානය මේ සඳහා යොමු නොවීම කනගාටුවට කරුණක්.

ඊයේ දිනයේ දී ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට පැමිණ සිටි දරුවන් සිය පාසල් පාවහන් ගලවා දුෂ්කරතා රැසක් මැද විභාග ශාලා වෙත පාසල් බිම මැද පිටත්ව ගියේ පාසල් භූමිය ද ජලයෙන් යට වී ඇති පසුබිමකයි.

ඇතැම් සිසුන් සිය පාසල් පාවහන් පවා ගලවා විභාග ශාලාවේ රැඳී සිටිය අයුරු ද දක්නට ලැබුණා.

මෙම තත්ත්වය ඒ අවස්ථාවේ දී කළමනාකරණය කරගැනීමට අදාළ පාසලේ දරුවන් හට ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය හිමි වුණා.

එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මැදිහත් වී ගංවතුරට යට වී තිබු විභාග ශාලා එම පාසැලේම වෙනත් ආරක්ෂිත ස්ථානයක ස්ථාපිත කිරීමටයි කටයුතු කළේ.

මේ වන විට විභාග ශාලාවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර අයදුම්කරුවන් 156 දෙනෙකු මෙම විභාග මධ්‍යස්ථානයේ විභායට පෙනී සිටිනවා. 










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top