තෙල් දෙන්නේ මෙහෙමයි - සීමාව ඉහළට
Tuesday, 24 May 2022 - 11:09 | Views - 2,835
සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අද (24) සිට සීමා කර තිබෙනවා.
ඒ අනුව අද සිට යතුරු පැදි සඳහා රුපියල් 2500ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3000ක් ද, මෝටර් රථ සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 10000ක් ලෙසත් සීමා කර ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.
මීට පෙර යතුරුපැදි සඳහා රුපියල් 2000ක සීමාවක් පනවා තිබූ අතර ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කෙරුණේ රුපියල් 2500ක සීමාවකටයි.
එමෙන්ම කාර් ඇතුළු අනෙකුත් මෝටර් රථ සඳහා මීට පෙර ඉන්ධන නිකුත් කෙරුණේ රුපියල් 8000ක උපරිමයට යටත්වයි.
මෙලෙස රථවාහන සඳහා නිකුත් කෙරෙන ඉන්ධන සීමාවන් සංශෝධනය කරනු ලැබුවේ, අද අලුයම සිට ඉහළ දැමුණු ඉන්ධන මිලෙහි වෙනස් කිරීම් සමගයි.
Share This Article