ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට - ආරම්භය 100
Tuesday, 24 May 2022 - 9:24 | Views - 1,143
ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු ද සංශෝධනය කිරීමට ද සැලසුම් කෙරෙනවා.
ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100ක් අය කෙරෙන අතර වැඩි වන සෑම කිලෝමීටරයකටම රුපියල් 80 බැගින් අය කිරීමට යෝජනා කර ඇති බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය සදහන් කළේ.
තවද, ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
එමෙන්ම ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව 25% - 30%ක් අතර ප්‍රමාණයකින් බස් ගාස්තු වැඩිවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
Share This Article