මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ පවුලේ වියදම 5672කින් ඉහළට
Tuesday, 24 May 2022 - 9:09 | Views - 2,843

මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී පවුල් ඒකකය සාමාන්‍ය වියදම රුපියල් 5672කින් ඉහළ ගොස් තිබෙනවා.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද දත්තවලට අනුවයි එය අනාවරණ වී ඇත්තේ.
එහිදී ආහාර සඳහා වියදම රුපියල් 3345කින් ඉහළ ගොස් තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ සහල් සඳහා පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී වියදම රුපියල් 989කින් ඉහළ ගොස් ඇති බවයි.
මීට අමතරව කිරිපිටි සඳහා ද පවුල් ඒකකයක් විසින් වැය කළ මුදල් රුපියල් 369කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ වියදම ද රුපියල් 2327කින් ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊට වැඩිම වියදමක් වෙන් කර ඇත්තේ ප්‍රවාහන පහසුකම් සඳහායි. එම වියදම පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ 932කින් ඉහළ යාම විශේෂත්වයක්.
මේ අතර, මහබැංකුවේ නවතම දත්තවලට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් පසුගිය අප්‍රේල් මාසයේ මෙරටට එවන ලද විදේශ විනිමය ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 248 දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 52කින් පහත වැටී තිබෙනවා.
මේ වසරේ මුල් මාස 4 සැලකූ විට විදේශ ප්‍රේෂණවල පහත වැටීම සියයට 56ක්.
මේ අතර, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඊයේ සංවිධාන කළ සංවාද මණ්ඩපයකට එක්වෙමින් ප්‍රකාශ කළේ ආර්ථික අර්බුදය විසදීම සඳහා පියවර රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනක් සඳහා පවත්වන සාකච්ඡා ඒ අතරින් ප්‍රධානයි.
එම ක්‍රියාමාර්ග ඉදිරි මාස 6 තුළ සම්පූර්ණ කිරීමට හැකි වුවහොත් ඉදිරි වසර තුළ මෙරට ආර්ථිකයේ ස්ථාවර වීමක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.
Share This Article