රැකියා සඳහා විදේශ ගත වීම ඉහළට
Monday, 23 May 2022 - 15:20 | Views - 1,535
පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව රැකියා සඳහා විදේශ ගත වීම සියයට 286 කින් ඉහළ ගොස් තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ පුද්ගලයින් එක් ලක්ෂ 5,821 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
විදේශ රැකියා නියෝජිත මාර්ගයෙන් තොරව රැකියා සඳහා විදේශ ගත වී ඇති ප්‍රමාණය 67,156 ක්. වැඩි ම පිරිසක් රැකියා සඳහා විදෙස් ගත වී ඇත්තේ කටාර් රාජ්‍යයට බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article