මන්කි ෆොක්ස් රෝගය ගැන මෙරට සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන් (Video)
Monday, 23 May 2022 - 13:10 | Views - 1,557
මේ වන විට රටවල් කිහිපයක පැතිර යන මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය පිළිබඳව මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එහි ප්‍රධානී වෛද්‍ය සමිත ගිණිගේ කියා සිටියේ එම වසංගත රෝගය මෙරටට ඇතුලු වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙරටට පැමිණෙන වඳුරු උණ ආසාදිත විදෙස් ජාතිකයින් හඳුනා ගැනීම සඳහා ගුවන් තොටුපල ද දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව ගුවන් තොටුපලේදී වඳුරු උණ රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් වෙන් කර වෙනම නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිණිගේ කියා සිටියේ රෝගයේ ව්‍යාප්ති වේගය කොරෝනා රෝගයට සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවයි.

ඉතා සමීපව ඇසුරු කරන පුද්ගලයන් අතර මෙම රෝගය පහසුවෙන් බෝවීමේ හැකියාව පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

ඒ අනුව කොරෝනා හඳුනා ගැනීමට සිදු කල ආකාරයේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් මෙම රෝගය හඳුනා ගත හැකියි.

මුහුණ, අත, පය ඇතුලු ශරීරයේ විවිධ ස්ථාන වල රතු පැහැති ලප හෝ බිබිලි ඇති වීම, වසා ගැටිති ඉදිමීම සහ උණ මෙම මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණෙහි රෝග ලක්ෂණ වනවා.

එම රෝග ලක්ෂණ ඇති වුවහොත් වහා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන ලෙසයි වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ.

ලොව පුරා මන්කි ෆොක්ස් රෝගීන් අනූ දෙදෙනෙකු වාර්තාවී ඇති අතර, මෙරටින් මේ දක්වා කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ.

මේ අතර ඉදිරියේදී රට තුල උග්‍ර මන්දපෝෂණ තත්වයක් ඇතිවිය හැකි බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. 



එහි සභාපති වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ කුඩා දරුවන්ට ත්‍රිපෝෂ ලබා දීම ඇතුලු දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ වැඩපිළිවල බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට වහා පියවර ගත යුතු බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top