පෙට්‍රල් ලබා ගන්න හෙට එන්නැයි - ඇමති දන්වයි
Monday, 23 May 2022 - 12:48 | Views - 1,567
අද (23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් 95ක් නිකුත් කරන බව අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඉදිරි සති 6 තුළ පෙට්‍රල් තොග 95ක් සුවපහසු ලෙස ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
කෙසේ වෙතත් , පෙට්‍රල් 95 ලබා ගැනීම සඳහා අද දිනයේ පෝලිම්වල නොසිටින ලෙස ද අමාත්‍ය කාංචන විජේසේකර පෙට්‍රල් භාවිත කරන්නන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පෙට්‍රල් 95 හෙට සිට ලබා ගත හැකි බවයි.
Share This Article