තවත් ඇමතිවරු 10ක් අද දිවුරුම් දෙයි ?
Monday, 23 May 2022 - 9:48 | Views - 1,029
ආණ්ඩුවේ තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු අද (23) දිවුරුම්දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් මෙන්ම මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටි පොදුජන පෙරමුණේ ඇමතිවරු කිහිපදෙනෙකු ද අද දිවුරුම් දෙන පිරිසට ඇතුළත් බවයි වාර්තාවන්නේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණුවිට කැබිනට් මණ්ඩලයෙ ඇමතිවරු 13 දෙනෙකු මේ වනවිට දිවුරුම්දී ඇති අතර, අද දිවුරුම්දෙන 10 දෙනාද සමඟ ඇමති මණ්ඩලය 23 දක්වා ඉහළ යනවා.

මේ අතර, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද යෝජනා කෙටුම්පත අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය නීතිඥ විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

එම යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් දැනටමත් නීතිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත් එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ පසු නීතිපතිවරයාගේ යළි අනුමැතියට ඉදිරිපත් කර ගැසට් කිරීමට පියවර ගන්නා බවත් ඔහු කියා සිටියා.

මේ අතර, විදේශ අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට අරුණි විජේවර්ධන පත් කර තිබෙනවා.

එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කර විශ්‍රාම ගෙන සිටින ඇය තානාපති සේවයේ ද කටයුතු කළ අයෙක්.

එමෙන්ම, අරුණි විජේවර්ධන අද විදේශ අමාත්‍යාංශ ලේකම් ධුරයේ වැඩ භාර ගැනීමට ද නියමිත බවයි ආරංචි මාර්ග සදහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top