2021 සාමාන්‍ය පෙළට සියල්ල සුදානම්
Monday, 23 May 2022 - 6:58 | Views - 267

2021 සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වනවා.
දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3,844 කදී ලබන පළමුවනදා දක්වා විභාගය පැවැත්වනු ලබනවා.
විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා තවත් මධ්‍යස්ථාන 542 ක් ස්ථාපිත කර තිබෙනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සමස්ථ අයදුම්කරුවන් සංඛ්‍යාව 517,496 ක්.
ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන් වන අතර ඉතිරි 110,367 දෙනා පෞද්ගලික අයදුම්කරුවන්.
විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත අතර ඔවුන් සඳහා ඊට අදාළ විභාග මධ්‍යස්ථාන වල විශේෂිත පහසුකම් සලසා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන සඳහන් කළේ.
මේ අතර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් සහ විභාග රාජකාරි කරනු ලබන නිළධාරීන් හැකිතාක් කල් ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
කෙසේ නමුත් විභාග සදහා පැමිණෙන යම් කිසි දරුවෙකු ප්‍රමාද වුවහොත් ඒ සදහා සහන කාලයක් ලබා දීමට ශාලාධිපතිවරුන්ට උපදෙස් දී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන කියා සිටියේ.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එය බාගත කර ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස එහි මුල් පිටුවේ අපගේ සේවා යටතේ ඇති සාමාන්‍ය පෙළ විභාගය 2021/22 විභාග ප්‍රවේශ පත්‍ර බාගත කිරීම් නැමති අයිකනය තෝරා ඒ යටතේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත කර ගත හැකියි.
අදාල ප්‍රවේශ පත්‍රයේ, නාම සංශෝධන, විෂය සංශෝධන සහ මාධ්‍ය සංශෝධන ඇත්නම් ඒ සඳහා ද විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පහසුකම් සලසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් යම් ගැටලූවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ 011 2784208 හා 011 2784537 යන දුරකතන අංකවලට හෝ 1911 දුරකතන අංකයෙන් තොරතුරු විමසිය හැකියි.
Share This Article