මොන්ටිසෝරියකට පරිවර්තනය වන මැතිසබය ගැන හිටපු ඇමති ඩලස් කියූ කතාව (Video)
Friday, 20 May 2022 - 14:50 | Views - 710
වගකිව යුතු උත්තරීතර ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව මේ වනවිට මොන්ටිසෝරියක් බවට පත් වී ඇතැයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
අද (20) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වත්මන් අර්බුද සාකච්ඡා කිරීමට රැස් වූ පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ සිව් වැනි සතිය සහ අවසන් දිනය අද වන අතර, කිසිදු, නිශ්චිත න්‍යායය පත්‍රයකින් තොරව මෙතෙක් විවාද කර ඇති බවයි.
පාර්ලිමේන්තුවේ විවාදයක් ඇරඹීමේ දී එහි පළවෙනි හෝරාව සමාජ මාධ්‍ය විසින් අද වනවිට හඳුන්වා ඇත්තේ 'කාලකණ්ණි හෝරාව'' නමින් බවත්, එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් සිදු කරන විවේචන හේතුවෙන් මෙය තව නොබෝ දිනකින් මොන්ටිසෝරියක් ලෙසින් වුව ද හැඳින්වීමෙ ඉඩකඩ ඇති බව ද ඩලස් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම ඉදිරියේ දී කථානායක වෙනුවට මොන්ටිසෝරි ගුරුතුමා ලෙසින් කථානායකවරයාට ඇමතීමට ඉඩ ඇතැයි ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අද දිනයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන හට සිහිපත් කර සිටියා.
Share This Article