සාමාන්‍ය පෙළ විභාග රාජකාරි සඳහා පත්වීම් ලැබී ඇති නිලධාරීන්ට ඉන්ධන ලබාගැනීම සඳහා ලබන ඉරිදා පස්වරු තුනේ සිට පස්වරු පහ දක්වා කාලය තුළ ප්‍රමුඛතාව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර සඳහන් කළේ තමන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල වෙත ගොස් විභාග රාජකාරි පත්වීම් ලිපිය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර ඉන්ධන ලබාගැනීමට හැකියාව පවතින බවයි.
ඒ පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මගින් සියලුම ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.