බෙහෙත් හිඟයට විසඳුමක් ලෙස ඔබත් ප්‍රතිශක්තිය වඩවන්න
Friday, 20 May 2022 - 11:46 | Views - 3,430

අපි මේ ගත කරන්නේ ඉතාම දුෂ්කර අවදියක් බවට කිසිදු විවාදයක් නැත. ආහාර පාන මෙන්ම හැම දේම මිල ඉහළය. එපම‍නක්ද නොව බොහෝ දෑ හිඟ වෙමින් පවතී. එබඳු කාලයකට අපි හැඩ ගැහෙන්නේ කොහොමද, නිරෝගීතාව රැක ගන්නේ කෙසේද ?

අපි විවිධ ආහාර පරිභෝජනය කරන්නෙමු. ආහාර රටා පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙනස් වේ. කුසගින්න නිවා ගැනීම ආහාර ගැනීමේ ප්‍රධාන අරමුණ වන අතර සිරුරට සුවතාවද ලබා ගැනීම මින් අපේක්ෂිත අනෙකුත් අරමුණු වේ.

අප ගන්නා අහාර මගින් ශරීරය ලෙඩ නොවී පවත්වා ගත හැකියි. එසේනම් එකම ආහාර වට්ටෝරුව ඉවත් කර විවිධ ආහාර ගැනීමට පුරුදු වන්න. අප ගන්නා ආහාරවල අන්තර්ගත පෝෂණ ගුණය නිසාවෙන් සිරුර ලෙඩ නොවී තබා ගත හැකියි.

සුදු ලූණු යනු එසේ අප නිතරම ආහාර රසවත් කිරීමට යොදා ගැනෙනා දෙයකි. බහුතරයක් දෙනා කැමැති නොවූවද මෙහි ගුණ ගැන ඇසුවොත් ඔබ පුදුම වනවා නොඅනුමානයි.

අන්තර්ගත ගුණ

හෙළ වෙදකමේදී මෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණවලින්ද තහවුරු කර ඇති පරිදි සුදුලූණු යනු ඖෂධීය ප්‍රතිඔක්සිකාරකයකි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි. බැක්ටීරියා , වයිරස සහ දිලීරවලට එරෙහිව ක්‍රියා කිරීමේ විස්මිත හැකියාවෙන් පිරිපුන්ය. හෙළ වෙදකමට අනුව නම් ශරීර බර අඩු කරයි. පරිවෘත්තීය ක්‍රියාවලිය දියුණු කරයි. ආසාදනවලින් ආරක්ෂා කරදේ. සෙම් සහිත රෝගීන්ට ගුණදායකයි. සුදු රුධිරාණු සෛල උත්තේජනය කරයි. වයිරස විරෝධි බැක්ටීරියා නාශකයකි. කොලෙස්ට්‍රෝල් අඩු කරයි. මෙහිදී නරක කොලෙස්ට්‍රෝල් අඩුකර හොඳ කොලෙස්ට්‍රෝල් වැඩි කරන නිසා හෘදයාබාධ, ආගාතය වැනි රෝග අවදානම පහත හෙළයි.

එසේම දියවැඩියා රෝගීන්ට විරෝධීකාරකයක් වන බැවින් සීනි මට්ටම ස්ථාවර කර දේ. ශරීර අභ්‍යන්තරයේ සිටින විවිධ පණුවන් අන්ත්‍රවලින් පළවා හරී.

මේ ටිකත් මතක තබා ගන්න

♦ ශරීරයට කෙතරම් ගුණදායක වුවද ලබා ගත යුත්තේ නිසි ප්‍රමාණවලිනි.

♦ දිනපතා ආහාරයට ගැනීම වෙනුවට වරින් වර එකතු කර ගැනීමෙන් එහි ප්‍රමිතිය රැක ගත හැකියි.

♦ අධිකව ලබා ගැනීමට වඩා නිසි ප්‍රමාණය ඉතා වැදගත්ය.

♦ මෙය තනිකර ආහාරයට එකතු කරනවාට වඩා කල්පවත්නා ආහාරවලට මිශ්‍ර කිරීමෙන් ප්‍රමිතිය වුවද වෙනස් කර ගත හැකි වේ.

මේ අනුව නිසි මඟ පෙන්වීම හා නිවැරැදි යහ පුරුදු නිසා නොදන්නා බොහෝ පෝෂණ ගුණ සිරුරට ලබා ගත හැකි වේ.

-සටහන- මාධවී ධර්මරත්න




උපුටා ගැනීම - ලංකාදීප 

 

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top