විදුලි කප්පාදුවේ අලුත්ම සටහන (Photos)
Friday, 20 May 2022 - 11:04 | Views - 5,713
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ පහසුව සඳහා ලබන 23 වනදා සිට ජුනි පළමුවැනිදා දක්වා විභාගය පැවැත්වෙන කාලයන්හි දී සහ සවස 6න් පසුව කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.ඒ අනුව අදාළ දිනවලදී විදුලි කප්පාදුවෙන් වළකින ලෙස කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයට අද උපදෙස් ලබාදුන් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.එසේම, මැයි 21 සෙනසුරාදා සහ මැයි 22 ඉරිදා යන දිනවල මෙන්ම මැයි 29 වන ඉරිදාත් සවස 6 න් පසුව කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට තීරණය කර තිබෙනවා.


Share This Article