ප්‍රදේශ රැසක පසුගිය 9 වනදා ඇති වූ කළහකාරී තත්ත්වය අතරතුර බස්රථවලට හානි සිදු කළ පිරිස්වලට නඩු පවරා ඔවුන්ගෙන් වන්දි ලබා ගැනීමට ක්‍රියා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ බස් රථවලට හානි කල සියලු පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවයි.