රජයේ සේවකයන්ට දැනුම් දීමක්
Thursday, 19 May 2022 - 15:48 | Views - 826
අත්‍යවශ්‍යම සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් හැර අනෙක් රජයේ නිලධාරීන් හෙට දිනයේ සේවයට පැමිණීම අත්‍යවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ ආකාරයෙන් මේවන විට රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ.හදිසි හා අත්‍යවශ්‍ය රාජකාරී සඳහා නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් වන ආයතන ප්‍රධානියාගේ අභිමතයට මෙමගින් බාධාවක් නොවිය යුතු බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා.

Share This Article