තිරිඟු පිටි මිල ඉහළට
Thursday, 19 May 2022 - 11:40 | Views - 6,860
ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිළියෙළ කිරීම සඳහා යොදා ගන්නා තිරිඟු පිටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ රුපියල් 40කින්.

අදාළ සමාගම විසින් දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත්තේ, සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමන ලෙසයි.

ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන මිල්ක් වර්ගයේ තිරිඟු පිටි කිලෝවක් රු 243.50කට අලෙවි නියෝජිතයන් විසින් බේකරි හිමියන්ට නිකුත් කරනු ලබනවා.

තිරිඟු පිටි මිල වැඩි වීම සම්බන්ධයෙන් බේකරි හිමියන් කියා සිටින්නේ කිලෝග්‍රෑම් 50 ක තිරිඟු පිටි මිටියක් මිල දි ගැනීමට රුපියල් 10,000කට වැඩි මුදලක් දැරීමට සිදුවන බවයි.

එයට සමගාමීව බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩිවීම හමුවේ මෙම කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවදානමකට ලක් වී ඇති බව ද හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් කියා සිටිනවා.

ග්‍රෑම් 450 ක් පාන් ගෙඩියක මිල යළිත් ඉහළ යාම හමුවේ එයට සමගාමී ව අනෙකුත් කෙටි කෑමවල මිල ඉහළ නැංවීමට සිදු වන බවත්,මෙසේ මිල වැඩි කිරීම හමුවේ පාරිභෝගිකයා දැඩි අසීරුතාවට පත් වී ඇති බව ද හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top