අත්‍යවශ්‍ය ආහාර සඳහා වැයකළ යුතු මුදල් ද භාණ්ඩාගාරයේ නැහැ - අගමැති (Video)
Thursday, 19 May 2022 - 11:26 | Views - 3,031
එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර සඳහා වැයකළ යුතු මුදල් ද මේ වන විට භාණ්ඩාගාරය සතුව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සිදු කළ යුතු වියදම් සඳහා වන මුදල් වහාම සොයා ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙම ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවයි.

ආහාර ගැටලුව මේ වන විට ලෝක අර්බුදයක් බවට පත්වන ලකුණු පෙන්නුම් කරමින් ඇති බවත් ලෝක බැංකුව මේ තත්ත්වය කල්තියා වටහා ගෙන ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන තිහක් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය නොවන සේවකයින් හෙට දින සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවයි.

මේ වන විට පවතින බරපතල ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top