225ට සහන මිලට තෙල් දෙන්නේ නෑ - ඛනිජ තෙල් ඇමති (Video)
Thursday, 19 May 2022 - 11:15 | Views - 1,093


කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඉන්ධන සඳහා සහනාධාර ලබා නොදෙන බව හා කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඒ සඳහා සුදුදුසුකම් නොලබන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.


මේ සම්බන්ධයෙන් පැතිර යන ආරංචි සමග සමාජයේ මතුවන කලකිරීම සහ වෛරය දේශපාලඥයකු ලෙස තමාට වටහාගත හැකි බවත් තමා නැවතත් අවධාරණය කරන්නේ වෙළඳ පොලේ පවතින මිලට පිටින් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඉන්ධන ලබා දීමක් සිදු නොකරන බවයි.

එමෙන්ම මතභේදයට තුඩු දුන් නාරහෙන්පිට පොලිස් ගරාජයේ තෙල් පොම්පය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස තමන් ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දුන් බවත් ඒ සම්බන්ධයෙන් වන වාර්තාව අද දිනය තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මෙම පණිවිඩයේ සඳහන්.

මේ අතර මෙම ගැටලුව අද පාර්ලිමේන්තුව තුළ දී සාකච්ඡාවට ගැනුණා.

එහිදී නැගී සිටි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සඳහන් කළේ කිසිදු මන්ත්‍රීවරයෙකුට අමතර වරප්‍රසාදයක් ලබා නොදිය යුතු බවයි.

ඔවුන් ද සාමාන්‍ය ජනයා මෙන්ම පෝලිමේ සිට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව ලබා ගත යුතු බවත් සාමාන්‍ය ජනතාව ඉන්ධන පෝලිමේ සිටියදී විඳින වේදනාව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම දැනිය යුතු බවත් ඔහු සඳහන් කළා.

No description available.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top