පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු ලබන සෙනසුරාදා සිට ආරම්භ වූ පසු ඊට අවශ්‍ය ප්‍රවාහන සේවා සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සම ලේකම් ඩී.වී.ශාන්ත සිල්වා කියා සිටියේ, අද සහ හෙට පෙට්‍රල් ප්‍රවාහනය සිදු නො වන බැවින් පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටීමෙන් ඵලක් නොමැති බවයි.