හැඳි කිහිපයකින් බෙදෙන ඉන්ධන - නවතම හෙළිදරව්ව
Thursday, 19 May 2022 - 8:46 | Views - 936

රට තුළ දැඩි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් මෙන් ම ඉන්ධන හිඟයක් ද පවතින කාල වකවානුවක ජනතාව පීඩාවට පත් කරමින් , දේශපාලනඥයින්ගේ වරප්‍රසාද ආරක්ෂා කරගැනීමේ තවත් පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පවා දැඩි ලෙස මේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු මෙන් ම පෝස්ට් ද සංසරණය වන අයුරු දක්නට ලැබෙනවා.මෙම සිදුවීම වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා අවශ්‍ය කරන ඉන්ධන පවතින මිල ගණන්වලට වඩා අඩුවෙන් ලබාදීමයි.මෙම සිදුවීම සිදුව ඇත්තේ, නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ දී යි.සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මෙම පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ රුපියල් 121 ශත 19කට බවයි සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන මිල ගණන් සහිත එම සටහන්වල දැක්වෙන්නේ.සිපෙට්කෝ බලධාරින් නිරන්තරයෙන් ම මැසිවිලි නගනුයේ, තම සමාගම දැඩි අලාභ ලැබීම හේතුවත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පවා ඉහළ යන කාලවකවානුවක තමන්ට ද තෙල් මිල වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.මෙලෙස කියමින් විරෝධතා සිදු කරමින් සහ රජයට බල කරමින් සිදු කර ගත් මෙම තෙල් වැඩි කරගැනීම් තුළ සහ අර්බුදකාරී ආර්ථික ව්‍යසනයකට මුහුණ පා ඇති පසුබිමක ජනතාව පීඩාවට පත් කරමින් දේශපාලකයින්ට අඩු මිලකට ඉන්ධන ලබා දීම කෙසේ නම් සාධාරණීකරණය කරන්නේ ද?ජනතාවට හෙණ ගැහුවත්, දේශපාලනඥයින්ගේ වරප්‍රසාද රැකදීම උදෙසා සිපෙට්කෝ බලධාරින් ද අත් උදව් දීඅඩු මිලට පිරිනමන තෙල් නිසා සමාගම තව තවත් බංකොලොත් වීම යථාර්ථයක් වීම මෙවැනි සිදුවීම්වලින් ද සිදුවන බව පෙන්වා දිය යුතුය.විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී කට ඇරියොත් ප්‍රකාශ කරන්නේ, ඉන්ධන පෝලිම්වල රැඳී නොසිට ගෙදර යන ලෙසටයි.ඔහු කියා සිටින්නේ, තෙල් ලබාගැනීමට ඩොලර් මදිපාඩුවත්, එම අර්බුදය විසඳීමට තමන් මේ වනවිට යොදා ඇති ක්‍රමවේදයන් ගැන නොව, දින ගණන් අව් වැසි නොතකා පෝලිම්වල දුක් විඳින ජනතාවගේ ගැටලු ගැන කිසිදු තැකීමක් නොකරය.දුක් විඳ ලබා ගන්නා තෙල් ප්‍රමාණය ද ජනතාවට ලැබෙන්නේ උපරිම සහ අධික මිල ගණන් යටතේය.එසේ නම්, රටම අවුලකට ලක්ව ඇති මෙවන් මොහොතක නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ මේ සිදුවන අඩු මිලට තෙල් හෙට්ටු කොට ලබාදීම ජනතාව ඉදිරිපිට සාධාරණීකරණය කරන්නේ කෙසේ ද ?ජනතාවට ලැබෙන පෙට්‍රල් (92) ලීටරය ලැබෙන්නේ ද රුපියල් 338කටය.ජනතාවට තව තවත් ඇම දී ජනතාව රවටන්නට මාන බලන පුස්සක් වන් මෙරට දේශපාලනය තවදුරටත් විශ්වාස කළ හැකි දැයි මෙවන් සිදුවීම් තුළින් විද්‍යමාන නොවන්නේ ද ?එබැවින් වහාම වගකිව යුතු බලධාරින් මෙන් ම ජනාධිපතිවරයා සහ රටේ අග්‍රාමාත්‍යවරයා මැදිහත් ව හෝ වහාම අර්බුද විසඳෙන තෙක් සහ ජනතාවට පෝලිම් නැති යුගයක් එන තෙක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහෝසි කළ යුතු නොවෙන්නේ ද?මෙම සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ගරාජයෙන් තෙල් දීම අයෝග්‍ය බවයි.

Share This Article