ගෑස් බෙදාහැරීම අද
Thursday, 19 May 2022 - 8:20 | Views - 8,298

අද සිට ගෑස් සිලින්ඩර 80,000 බැගින් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම සැලසුම් කර තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගෑස් මෙටි්‍රක් ටොන් 3800ක් රැගත් තවත් නෞකාවක් මේ වනවිට දිවයිනට ළඟා වී ඇති බවයි.
ලිට්‍රෝ සමාගම ඊයේ ප්‍රකාශ කළේ, පෙරේ දා පස්වරුවේ දිවයිනට ලඟා වූ ගෑස් මෙටි්‍රක් ටොන් 2800ක් රැගත් නෞකාවේ අඩංගු ගෑස් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොඩබෑමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.
ඒ හේතුවෙන් ඊයේ සහ අද ගෑස් පෝළිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගම ඊයේ දැනුම් දුන්නේ.
කෙසේ වෙතත් එම නෞකාව කොළඹ වරාය වෙත රැගෙනවිත් පසුව ඒවා කෙරවලපිටිය ගෑස් තොග ගබඩා පර්යන්තය වෙත ප්‍රවාහනය කර අනතුරුව බෙදා හැරීමට කටයුතු කරන බවයි සමාගම ප්‍රකාශ කළේ.
මෙම තත්ත්වය හමුවේ ඊයේ ඔවුන්ට නිකුත් කිරීමට හැකියාව ලැබී තිබුණේ සිලින්ඩර 8,000ක් පමණයි.
මේ අතර, අද, හෙට සහ අනිද්දා පැය 3යි මිනිත්තු 40ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
එමෙන්ම පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු සිදු නො වන බැවින් තවදුරටත් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනය කළ ද තවදුරටත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල පෙට්‍රල් ලබා ගැනීම සඳහා ඉතා දිගු පෝලිම් පවතිනවා.
Share This Article