මහ බැංකුවේ මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය - අද
Thursday, 19 May 2022 - 8:11 | Views - 1,146
ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය අද පෙරවරුවේ දැනුම්දීමට නියමිත යි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 8 වනදා රැස්වුණා.

එහිදී මූල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කිරීමටයි මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 700කින් වැඩි කරනු ලැබුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13.5 දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.5ක් දක්වා ඉහළ නංවමින්.

මේ අතර, ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ රැස්වූ මුදල් මණ්ඩලයේදියි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13.5ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.5ක මට්ටමේ පවත්වා ගෙන යාමට යි මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top