රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) වැසෙන ලකුණු
Tuesday, 17 May 2022 - 16:22 | Views - 7,518
සියළුම රෝහල්වල දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබී යෑමෙන් ඉදිරියේ දී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුධයක් මතුව තිබෙන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් දැඩි සත්කාර සහ අධිසත්කාර ඒකකහී වායු සැපයුම් යන්ත්‍ර මත ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අවධානමකට ලක්වන අතර, රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර නොමැතිව එම ඒකක පවාත්වා ගැනීම පවා නිශ්පල විය හැකි ‍යි.

එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සදහා සැපයුම්කරුවන් වෙත ගෙවියයුතු රුපියල් මිලියන තුන්සීයක පමණ මුදලක් ගෙවීම, මාස 4කට වඩා වැඩි කාලයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැරීම නිසා තවදුරටත් අදාල ප්‍රතික්‍රියක ලබා දීම කල නොහැකි බව අදාල සමාගම් විසින් දන්වා තිබීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක්.

මෙවැනි ගැටලු සදහා තාවකාලික පිළියමක් හෝ යෙදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් කටයුතු නො කිරීම හේතුවෙන් සැපයුම්කරුවන් ඉතා අසීරු තත්වයකට පත්ව තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට ණය දීම හේතුවෙන් ඇතැම් සමාගම් බංකොලොත් වී ඇති බවත්, ඇතැම් සමාගම් ජාත්‍යන්තර වශයෙන් අසාධුගත වී ඇති බවත් වාර්තා වනවා.

වර්ථමාන අගමැතිවරයා විසින් සෞඛ්‍ය සේවාව පිළිබඳ සොයා බැලීමේ වගකීම රුවන් විජේවර්ධන ව පත්කර ඇතත්, ගැටලුවට අවශ්‍ය සාකච්චාවක් අදාළ පාර්ශව සමග තවම සිදු වී නොමැති බව යි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වෙනුවෙන් රවී කුමුදේශ් අවධාරණය කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top