ඇමතිකම් ඉල්ලූ අය ගැන - අගමැති මැතිසබයේදී කට අරී
Tuesday, 17 May 2022 - 14:16 | Views - 1,689

පවතින පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කර ජාතික සභාවක් ලෙස කටයුතු කරමු යැයි , අද(17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා .

අගමැතිවරයා සිය කතාව ආරම්භ කරන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් රැසක් කෑ කෝ ගසන්නට වූවා. එහිදී අගමැතිවරයා කියා සිටියේ තමන්ට කතා කරන්නට දී එය අවසන් වූ පසු අනෙක් කෙනා කතා කරන ලෙසයි.

නමුත් ඔවුන් තම කෑගැසීම නතර කළේ නැත. මද වේලාවක් ඔවුන් දෙස බලා සිටි අගමැතිවරයා, ඔය කෑගහන අය මගෙන් ඇමතිකම් ඉල්ලුවා මතක නැද්ද යැයි ප්‍රශ්න කළේය. ඒ සමගම සභාව නිහඬ විය.


කෙසේ වෙතත් ඉන් පසු වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා සඳහන් කලේ,

''මේ රටේ ආර්ථිකය අපි ගොඩගන්න ඕනේ. අපි ඒක කරන ගමන් තව එකක් තියෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවට ඇයි ජනතාව දොස් කියන්නේ, අපි මේ සංස්කෘතිය වෙනස් කරමු. අවාසනාවකට ඒ සංස්කෘතිය අදත් උදේ තිබුණා . ඒකට මගේ සහයෝගය නෑ. පළමු පියවර විදියට දේශපාලන මණ්ඩලය, ජාතික සභාවක් ඇති කරන්න කියලා තමා අපි යෝජනා කරන්නේ. මේක තවදුරටත් ගෙනියන්න බැහැ. එකඟ වෙන්න පුළුවන් ඒවට එකඟවෙන්න. බැරි ඒවට අපි සාකච්ඡා කරලා, පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනුව බෙදෙනවානම් ඡන්දය දෙමු නැත්නම් ඡන්දය නොඳී විසඳන්න ඕනේ.

එකක් මතක තියා ගන්න මේ පාර්ලිමේන්තු සංස්කෘතිය නැතිකරන්න ඕනේ. මේ සංස්කෘතිය එක්ක අපිට ඉදිරියට යන්න බෑ. මේ පැත්තෙන් කෑ ගහනවා. ඒ පැත්තෙන් කෑ ගහනවා රට කියනවා අපිව උවමනා නෑ කියලා. අපි ඉස්සෙල්ලා මේක හදාගමු. මම දෙපැත්තෙන්ම ඉල්ලන්නේ මේක වෙනස් කරගමු. අපිට ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු. මමත් ආවේ හැමකෙනාගෙන්ම බැනුම් අහලා හරි මේක උස්සලා ගන්න. තනියම කරන්න බෑ. සංස්කෘතිය වෙනස් කරන්න. අදහස් වෙනස් කරන්න එපා. ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. කරුණාකරලා කතා කරන්න ඕනේ කෙනා නැඟිටලා ඇවිල්ලා කතා කරන්න. අනෙක් අය වාඩිවෙන්න. මෙහෙම ගෙනියන්න එපා. මෙහෙම සතියක් ගෙනිච්චොත් අපිට එන්න පාර්ලිමේන්තුවක් නැති වෙයි." 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top