නව නියෝජ්‍ය කථානායක ජනතාවගෙන් සමාව ඉල්ලයි (Video)
Tuesday, 17 May 2022 - 12:00 | Views - 1,492
අද දින පාර්ලිමේන්තුව තුළ දී පැවැති ඡන්ද විමසීමෙන් නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත් වූ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ කථානායක ධූරය සඳහා ඡන්ද විමසීමක් කරා යොමු වීමෙන් පාර්ලිමේන්තුවේ කාලය සහ රටේ මහජන මුදල් නිකරුණේ වැය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් මෙරට සමස්ථ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තු සභාගර්භය තුළ ක්‍රියාත්මක වූයේ මේ රටේ නීතිය බවත් එය මගහැර යා නොහැකි බවත් ඔහු සඳහන් කළා.

තමන් පක්ෂ විපක්ෂ දෙපාර්ශවය සමඟම ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයකු මෙන්ම නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු ද දෙපාර්ශ්වයටම සම ලෙස සාධාරණව ඉටු කරන බවත් ඔහු අවධාරණය කළා.

අද පැවති ඡන්ද විමසීමේ දී ආණ්ඩු පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කළ අජිත් රාජපක්ෂ ට ඡන්ද එකසිය 109ක් හිමිවූ අතර විපක්ෂයෙන් තරග කළ රෝහිණී කවිරත්න ට ඡන්ද 78ක් හිමි වුනා.

අද දින නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සිදු කළ ඡන්ද විමසීමේ දී ඡන්ද 23 ප්‍රතික්ෂේපිත ඡන්ද වශයෙන් ප්‍රකාශ කිරීම විශේෂ සිදුවීමක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top