රනිල්ට සහය දීමට හරීන්, මනූෂ සූදානම් - ලිපියකින් දන්වයි
Tuesday, 17 May 2022 - 10:26 | Views - 2,110
රට සෑම අතින් ම අසීරුවට පත්ව ඇති මෙම අවස්ථාවේ, රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට සාතීශ්‍යය ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ප්‍රකාශ කරනවා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින්.

එම ලිපියේ ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට කඩිනමින් දඬුවම් ලබා දීමත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිරභාරයෙන් නිදහස් කිරීමත්, ඉකුත් 09 දා ගෝඨාගෝ ගමට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවන් වෙත නීතිය ක්‍රියාත්මක කිරීමත්, රට ගොඩ නැගීමේ ජාතික වැඩපිළිවෙලක් සැකසීමත් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් ඇතුළු කොන්දේසි 7කට අග්‍රාමාත්‍යවරයා එකඟ වන්නේ නම් සිය සහයෝගය ලබා දීමට සූදානම් කියායි.

එම ලිපිය පහතින්...

022.05.17
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය,
අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලය,
ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,
කොලබ 07.

ගරු අග්‍රාමාත්‍ය තුමනි,

නිර්පාර්ශ්වීක ආණ්ඩුවක් තුලින් රට නැවත ගොඩ නැගීම උදෙසා.

මාගේ මාතෲභූමිය කිසි දිනක නොවූ ලෙස ආර්‍ර්ථිකව, සමාජීය සහ දේශපාලනිකව අරාජිකත්වයට පත්ව ඇති මොහොතක ඔබතුමා රට යලි ගොඩනැගීම උදෙසා රටේ අග්‍රාමාත්‍ය තනතුරෙහි වගකීම භාර ගැනීම සම්බන්ධයෙන් අප පලමු කොට ස්තූති වන්ත වන්නෙමු.
එහෙත් මෙම බාරදූර අභියෝගය ජය ගැනීමට නම් ඔබ සහ දැනට පත්වූ කැබිනට් අමාත්‍යවරු මෙන්ම ඉදිරියේදී වගකීම් ලබා දීමට බලාපොරොත්තු වන අයටද රටේ සමස්ථ ජනතාවගේ ආශිර්වාදය මෙන්ම පූර්ණ විශ්වාසය ද දිනාගත යුතු බව අපගේ පූර්ණ විශ්වාසයයි.
එම විශ්වාසය සහ ආශිර්වාදය ගොඩනැගීම උදෙසා අප විසින් ඉදිරිපත් කරන පහත සදහන් කරුණු සදහා අග්‍රාමාත්‍යතුමන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සහ සහතිකයන් පිලිබදව සමස්ථ ජනතාවම බලාසිටිනු ඇති බවට අපගේ විශ්වාසයි.
1.සමස්ථ ජනතාවගේ ඉල්ලීම වන #gotagohome යතාර්ථයක් කරනු පිණිස
ඔබ විසින් පාර්ලිමේන්තුව තුල සහ ඉන් පිටත ගැනිමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද ? ඒ සදහා නිශ්චිත දින සහ වකවානු කවරේද ?
2.රාජපක්ෂ වරු රැකිමට කොළබට පැමිණ රට ලේ විලක් කල රාජපක්ශ ගැති කලහාකාරීන්ට මෙන්ම ඊට සම්බන්ධ පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් වෙනුවෙන් ගනු ලබන නීතිමය ක්‍රියා මාර්ග මොනවාද ?
3.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 21 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී කාරණා කඩිනම් කිරීම.
4.රට අරාජික වීමට මූලාරම්භය වූ සහ අසමත් පාලනයක් මේ රට තුල බිහිවීමට බලපෑ පාස්කු කුමන්ත්‍රණයට සම්බන්ධ වූ චූදිතයින්ට එරෙහිව කඩිනම් නීතිමය පරීක්ෂණයක් පැවැත්වීම,
වැරදි කරුවන්ට දඩුවම් කිරීම සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සහ අවශ්‍ය නම් අපක්ශපාතී ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම .
5. මෙරට අරාජිකත්වයට පත්වීමට හේතුවූ මුල්‍යමය සහ අනෙකුත් වංචාවන්ට සම්බන්ධ වූ රාජපක්ෂ වරු සහ ඔවුනට සම්බන්ධ සියලූම පුද්ගලයින් ගෙන් එම මුදල් අය කර ගැනීමට කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම.
6. කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති වෙනුවට සියලූම ක්ශේස්ත්‍ර උදෙසා
ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම.
7. රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම ඇතුලුව අනීතික සහ අසාධාරණයට ලක් වූ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ පුද්ගලයන් පිලිබදව ගන්නාවූ තීරණ යන්.
අවසන් වශයෙන් මේ මොහොතේ ජනතාවගේ සැබෑ මතය පාර්ලිමේන්තුව තුල නියෝජනය නොවන හෙයින් රට නැවත ස්ථාවර වූ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කරා යාම සදහා සහතිකය.
ගරු අග්‍රාමාත්‍ය තුමනි,ඉහත සදහන් කරුණු සම්බන්ධයෙන් යහපත් සහ නිශ්චිත පිලිතුරු අප ඇතුලු සමස්ත ජනතාවම බලාපොරොත්තු වන අතර එම පිලිතුරු සහ ගනු ලබන ක්‍රියා මාර්ග අනුව මා විසින් ඉදිරියේ දී ඇති කර ගන්නා රජයකට අප සහයෝගය ලබා දෙනුයේ කුමන ආකාරයෙන්දැයි තීරණය කරනු ලබයි.
දේශපාලන පක්ශවල න්‍යාය පත්‍රයන් ගෙන් ඔබ්බට ගිය ඉතා කෙටි කලක් තුල රට සථාවර කිරීම සදහා නිර්පාර්ශ්වීක රජයකක්
ගොඩනැගීම වෙනුවෙන් ඔබ ගන්නාවූ ඕනෑම තීරණයකට කොන්දේසි විරහිතව පාර්ලිමේන්තුව තුල මෙන්ම පිටතදීද සහයෝගය දෙන බවටද සහතික වෙමි.

මීට විශ්වාසී



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top