ගෑස් බෙදාහැරීම නැවතත් - සෑම පිරවුම්හලකටම ඩීසල්
Tuesday, 17 May 2022 - 9:31 | Views - 5,287
හෙට සිට දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීම ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

අද දිනයේ දී ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන අතර, තවත් නෞකාවක් හෙට දිනයේ දී පැමිණෙන බවයි එම සමාගම සඳහන් කළේ.

ලිට්රෝ සමාගම විසින් මීට පෙර දැනුම් දී තිබුණේ, ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම සීමා කර තිබූ බවයි.

මේ අතර, ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ දිනයේදීත් ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබුණා.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ, ඩීසල් තොග ප්‍රමාණවත් පරිදි ලැබුණ ද පෙට්‍රල් නිකුත් කිරීමේ යම් ගැටලුවක් පවතින බවයි.

කෙසේ වෙතත් සෑම ඉන්ධනහලකටම ඩීසල් ලබාදී ඇති බවද එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර නව කොරෝනා රැල්ල පාලනය කිරීමට චීනය සමත්වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ලොව විශාලතම තෙල් පාරිභෝගිකයෙකු වන චීනයේ ඉල්ලුම ඉහළ යාමේ අපේක්ෂා පළවීම හේතුවෙන්.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 114 යි ශත 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top